Sunday, August 14, 2016

දසිස් ! ( පළමු කොටස )



නිදි සයනයෙන් එක් වරම අවදිවුන ගැමුණු රජ තමන් මේ රැයේ දුටුවේ සිහිනයක්ද නැතිනම් සැබෑවක්ද කල්පනා කරන්නට විය..

මුළු ගතම දහදියෙන් තෙත් වී තිබෙනු දැණින.
ගැමුණු සයනයෙහිම හිද භාවනා කල යුතු යැයි ද ඒ භාවනාවේදී තමා දුටු සිහිනය ගැන මෙනෙහි කල යුතු යැයි ද සිතීය...
පද්මාසනයෙන් හිඳ වජ්‍රය සුරතට ගත් ගැමුණු හාත්පස ගිල ගත් අඳුර අතරින් තම කුටිය පිරක්සන්නට විය.
නන්දිමිත්‍ර , සුරනිමල ,මහාසෝන, ගෝඨයිම්බර, මහාභරණ, වේළුසුමන, කච්චදේව, ඵුස්සදේව, ලභියවසභ
යන නව මහා යෝධයන් තව රැකවල් පිණිස සයනය වට කොට නිදා ඇත. නැත්තේ ථෙරපුත්තාභය පමණි ඒ ඔහු මහණ වීමට අවසර ගෙන සිටි නිසාවෙන් වෙනත් කුටියක භාවනා පුරන බැවිනි.
මඳ වේලාවකි....
කුටි දොර අසල කිසිවෙකුත් ඇතියි ඡායාවක් සෙලවුනෙන් සයනය මත තිබූ අසිපතට අත යැවීය.
- රජුණි මා ථෙරපුත් අභය වෙමි..
+ හ්ම්.. හිමියනි රාත්‍රියෙහි කිමද ?
- සිහිනය පිළිබඳවය...
+ සිහිනය ??... නුඹ කෛස්ද ඒ දන්නේ.....
- ඇතුලට ඒමට අවසරද ??
+ අගුළු ලා නැත.. !
ථෙරපුත්තාභය දොරටුව විවර නොකරම ඒ හරහා එනු දුටු ගැමුණු තැති ගති.. නිදා සිටි අනෙකුත් යෝධ රැකවලුන් ට මදක් ඉහලින් අහසින් පාවෙමින් තම සයනය අසලට එනු දුටු රජු,
+ නවතිනු ..! තා ථෙරපුත්තාභය නොව - තව නොඑව !!..
- රජුනි මා ථෙරපුත්තාභය වෙම්.. බිය නොවන්න. 
+ නන්දි , නිමල , වේළු අවදිවවු ..... 
- රජුනි නුඹට කියමි බිය නොවන්න මා ථෙරපුත්තාභය මය නමුත් ඊයේ හුන් ථෙරපුත්තාභය නොවෙමි... අනෙකුන් අවධිනොකරන්න ඔවුහු සිහින දකිමින් සිටිති...
+ එසේනම් සනාථ කරව..
- අතේහි ඇති වජ්‍රායුධය බලන්න.. මැදැති දියමන්තිය දිලිසෙන්නේය. එසේනම් දැන් මා ගෙලහි මාලය බලන්න. එයැද එසේමය.. නුඹ යමක් අවබෝධ කරගත යුතුය..
+ ඒ... ඒ.. එෙස්නම් සිහිනය සත්‍යයක්.. ඒ කියන්නේ... රාවණ...... 
- එසේය මහරජ.. මා පැමිනියේ නුඹ සිහිනයෙන් මිදෙනු දැනයි. අවසරනම් මා සමග එය විසදාගත හැකියි.
+ හොදයි සයනයෙහි හිදගන්න. 
ථෙරපුත්තාභය ද ගැමුණු රජුගේ සයනයෙහිම පද්මාසනයෙන් හිඳගත්තේය. 
- රජුනි මා සුරත ගන්න දෑස් පියා ගන්න. ඇසිය යුතු ප්‍රශ්නය සිතින් සිතන්න. පිළිතුරු ලැබේවි.
ථෙරපුත්තාභයගේ දකුණතින් අල්වා ගත් ගැමුණු රජ තමා දුටු සිහිනය ගැන විමසන්නට විනි.
- එසේය රජුනි....
අප දස බලධාරීන් වන්නමු. නමුත් මා ඊට අයිති නැත. මා පෙරුම් පුරන්නෙකි. අවශ්‍ය තන්හි අවශ්‍ය වේශය ගනිමි. ඒඅනුව හැසිරෙමි. 
+ මේහි ආරම්භය ..!
- ආරම්භය නම් දිතා දීර්ඝය මා සෙමින් දිනෙන් දින විත්ර කරන්නම්.
+ දැනට ...
- දැනට...., හොදයි.. මහා බලැති රාවණ නිරිඳුන් ගේ පිලිමයක් නුඹ මාළිගයේ ඇති බව දනිමි. ඒ ඇයි
+ ඒද සිහිනයකට අනුවය..
- හ්ම්... නැත නුඹ එක් භවයකි. රාවණ දසිස් ගැන දැනුම කුමක්ද
+ විද්‍යා දහයකි.. 
- එය එසේද කිව හැකිය.. නුමුත් රාවණ යනු දසබලධාරී, දස අවතාර , දසිස් , දස විද්‍යා ඇත්තෙකි. තමන්ව 
පාවාදීම දැනගත් අනතුරුව මහා පූජාවක් පවත්වා රාවණ නිරිඳුන් තමන්ගේ දසිස් හෙවත් දස බලයන් ගෙනවා ඒ නවයක් ගෙන අනාගතයේ මේ හෙළ දේශයට වින කරන ඕනෑම වේලාවක ඒ ඒ පාලකයන්ට සහය පිණිස යලි එක් තැන් වන ලෙස දන්වා විසිරුවා හැරීය. 
+ නවයක් පමණද ?
- එසේය රජුනි 
+ දස වැන්න ?
- දස වැන්න රාවණය ! ඔහු තමන් තුල එය ගබඩා කරන ලදී. හෙතෙම අවසන තම සිරුරින් මිදී සරන්නට පටන් ගති. 
+ ඒ කියන්නෙ මහා රාවණ තාම ඉන්නවා
- හැමදාටම ..... !
+ මට හමුවන්නට පුලුවන්ද ?
- මා නුඹට කියමි.. නවයක් වූ බලය විසිරුවා හැරීමෙන් පසු අවසනදී බ්‍රහමලෝයේ සිට මා කැඳවා රාවණ අණක් නිකුත් කලේය.
+ ඒ කිමෙක්ද ?
- මේ බල නවය හෙළයත් ගෝතමයන්ගේ ධර්මයත් පවතින තුරාවට මෙ ලක සැරිසරන්නේය. එසේ සැරි සරද්දී එක් එක් අවස්ථාවල හෙලයටත් ගෝතම ධර්මයටත් කැලැල් - අසීරැකාල වකවානු එනු නියත බැවින් ඒ ඒ කාල වල මේ නවය එක් තැන් වන්නේමය. නමුත් ඒ එක් තැන් වීමට රාවණ තුල ඉතිරි වූ දස වැන්න අවශ්‍යමය. ඒ බලය අවශ්‍ය තැනැත්තාට දීම මගේ රාජකාරිය වන්නේය. මා නුඹ හදුනන ථේරපුත්ථාභය ඒ පණිවුඩ කරුය. පවත්නා යුද්ධය නිමා කර රට එක්සේසත් කිරීමට නුඹ හට දසිස්ගේ සේවාව ලබා දීමට රාවණ කැමත්තෙන් සිටී. 
ඒය තීරණය වන්නේ නුඹ උපන් වේලාවේ සිටමය.
නන්දිමිත්‍ර , සුරනිමල ,මහාසෝන, ගෝඨයිම්බර, මහාභරණ, වේළුසුමන, කච්චදේව, ඵුස්සදේව, ලභියවසභ යනු නව බලයන්ය. ඔවුහු මනුශ්‍ය වෙසින් පැමිණ රාවණ අවතාර ලෙස නුඹට දැකිය හැක. නුඹ අභිප්‍රායක්වේනම් දස වැන්න නුඹට දෙමි. එවිට දසිස් ශක්තීන්ගෙන් සේවය ලැබෙනු ඇත.
+ එය දැරිය හැකිද ? 
- බිය නොවන්න , මා ද සිටිමි.. දැරිය නොහැක්කෙකුට රාවණ නිරිඳු කිසි විටක බලය නොදෙන්නේමය. නුඹ ඔහුගෙන් බිඳි ආ භව පරපුරකැයි සිතන්න. නුඹ තුල ශක්තිය ඇත. 
+ මින් පෙරත් නුඹ දසබලයන් මෙහි පැමිණ ඇත්ද ??
- රජුනි අවශ්‍ය මොහතක දස බලයම මේ හෙලයට කැඳවීමේ වරම ඇත්තේ මා හටය. ඒ නැතත් මොවුන් නව දෙන විටින් විට එක් අයකු දෙදෙනුකු ලෙස හෝ මෙහි ඉපිද ජීවත් වන්නෝය. අනෙකුන් එක් එක් දෙවුලෝ බ්‍රහ්ම ලෝ තුල ඉපිද මෙ දෙස බලාසිටින්නාහ. මේ හෙලය , ගෝතම ධර්මය නැසීයාමට ප්‍රථම එය රැක ගැනීමට දොලොස් වතාවක් මෙහි පහලවිය යුතුය..
+ දොලෙස් ??? එය නියමිතද ??
- එසේයැ. ඒද රාවණ අණයි.. නුඹ සතු රැද්‍රාමාලයෙහි රැද්‍රා කීයක් වේද රජුනි.
+ සීයකුත් අටකි... !
- එද රාවණ සිද්ධි යකි .. නමුත් නුඹට අමතක වුවේය එහි එකසිය නවයකි. එකැසිය අටක් අවසන් වු තැන ඒ සියල්ල එක කරන අයුරින් වෙනම තවත් එක් රැද්‍රාවක් ඇත.
+ එසේය.. මට එය මගහැරුණි ඉන් කියවෙන්නේ කුමක්ද ථේරපුත්ථාභය
- මේ අප නව දෙනා දොලොස් වතාවක් මෙහි පහල විය යුතු බවයි. අංක නවය දහයකුත් දෙකකින් ගුණ කරන්න..
+ එකැසිය අටකි. නුඹ හරිය.
- මේ වන තුරුත් මින් ඉදිරියටත් නොයකුත් ගාථා සුත්‍ර මන්ත්‍ර මේ ගණනින් සිද්ධි කරනු ඇත. ඒ රාවණ අණට අනුව එය එසේ වන වාර ගනන වැඩි වන්නට වන්නට අප නව දෙන මෙ හෙලයට බැඳී පවතී. අනෙකුත් එකැසිය නව වන රැද්‍රාව නම් මම ය.. ! මේ නව බලයන් එක් කරන්නාවු පුරුක වෙමි. ඒ මාලය අත දරන්නා නුඹය. එනම් බලය දරන්නාය..
+ ජය වේවා ! මා සිතුවා හරිය.. නුඹට පින් රාවණ නිරිඳුනි. මේ හෙළයටත් ගෝතම ධර්මයටත් නුඹෙන් මහත් සේවයක් වන්නේමය. මා නුඹ වඳිමි.... ! 
- එසේනම් රජුනි නුඹ සිත පැහැදුනියැයි සිතමි.
+ එසේය එසේය පුත්ථාභය නුඹටත් පින් ලැබේවා... දැන් මා කල යුත්තේ කුමක්ද ?
- ඉක්මන් විය යුතු නැත. ඒ හෙටය.. දැන් මා යමි. නුඹත් සුවසේ නිදන්න.. 
+ හොඳමයි .. ! නුඹට දොරටුව හැර දෙන්නම් ද?
- දොරටුව !! නුඹ දොරටුව හැර අවසානයි රජුනි.. දැන් ඇත්තේ ඉන් ඇතුළු වීමටයි.. ජය ශ්‍රී .... !
ථෙරපුත්ථාභය එක්වරම අංශු බවට පත්ව වා තලයට මිදුනි.
ගැමුණු රජ දෑස් හැරියේය.. තමා සිට ඇත්තේ භාවනාවේය..
පද්මාසනයෙන් හිද අතෙහි වු වජ්‍රාව දිලිසෙනු පෙනුනි..
සයනය අසල තවමත් නව යෝධයන් හිඳිති.
එසේ නම් මේ සියල්ල තමා දුටුවේ...... භාවනාවෙන්ද ??
එසේනම් ථේරපුත්ථාභය........
ඔහු වාචාලිය යුතුය... ! මේ බ්‍රහ්ම මුහුර්තියයි. රාජ සභාවේදි ඔහු විචාරමියි සිතීය.. 
ගැමුණු රජ සයනයෙන් බිමට දෙපා තැබුවා පමනි.. දොර අසල ඡායාවකි.. 
වහා තම අසිතපත අතට ගත් රජු..
+ කවුරුන්ද පිලිතුරු දෙව....
-- රජුණි මා ථෙරපුත් අභය වෙමි. නුඹ මුණගැසීමට පැමිණියෙමි. භාවනාව අරඹයාය..
ගැමුණු රජු සෙමින් සයනයෙන් බැස කුටි දොරටුව වෙත පියමං කර එක් දොර පලුවක් මඳක් මෑත් කර බැලීය..
- අසිපත බිම දමන්න.. සැක හැරින්න මා මහා රාවණ අණ රැගෙන ආමි. නුඹට ජය වේවා ...!
-- කුරුළු--
( භාවනාවේදී මා ලද සිතුවිලි එකතුවකි. භාවනකල්පිතය. දෙවැනි කොටස මතුවට )
Kurulu Page >>>
https://www.facebook.com/nkurulu/