Thursday, November 19, 2015

සෙල්වා

මා ත්‍රිකුණාමලේ වැඩ බාරගනිත්තී කාර්යාලයේ කිසිවෙකුත්ම හදුනන්නේ නැත. යාන්තං දැන හඳුනාගත්තානං ඒ නිතරම මගේ කාමරයට එබිකම් කල සෙල්වා පමණි.
ඔහු මගේ අප්පච්චී වගේ වයස වුනත් වැඩ කලේ කඩි වේගයකිනි.
මා රැකියාවට පැමිනි අලුත මුලු ත්‍රිකුණාමලයම මට පෙන්වීම සෙල්වාගේ ලොකුම ආසාවක් විය. ඒ අනුව මගේ රැකියාවට අදාල පාසල්, ගුරු නේවාසිකාගාර පමණක් නොව කඩ පිල් ළමුන්ගේ නිවෙස්ද ඒ අතර විය.
සෙල්වාගේ වැඩිම කැමැත්තක් තිබුනේ ඔහුගේ නිවසට මා කරඳවාගෙන යාමටයි. දෙමළ ජාතිකයින් වෙසෙන ලැයිම් ගෙවල් අතර ඔහුගේ කුඩා නිවස පිහිටා තිබුනි. සෙල්වාත් ඔහුගේ බිරිඳත් එහි වූහ.
මා එහි රැගෙන යාමේ අවශ්‍යතාව හොඳින් වැටහුනේ එහි ගිය පසුය. ඒ අවුරුදු 35ක වැඩි සෙල්වාගේ මේ අධ්‍යාපන කන්තෝරු සේවා කාලය තුල තිරිකුනාමලයට පත්ව ආ කිසිම අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු ඔවුන් ගේ නිසට නොපැමිණි නිසාවෙනි.
කාර්යාලයේදී සියළුම නිලධාරීන්ගේ කාර්යාල කාර්ය සහය කටයුතු ඔහු අතින් සිදු කෙරුණත් කිසි දිනක මා ගැන සොය බැලීම අමතක නොකලේය.
දිනක් ඔහු මාගේ කාමරයේ දොර ළග නතර වී මොනවාදෝ මුමණනු ඇසෙයි.
+ මොකෝ සෙල්වා කාටද බැන බැන ඉන්නෙ. ( දන්නා දෙමලින් ඇසීමි)
- නැ කියල වැඩක් නැ සර්ලට, දැන කීයද වෙලාව? වැඩ වැඩ වැඩ ඉවරයක් නැ. උදේ ආව වෙලාවෙ ඉදන්. උදේ බැඳන් ආව බත් එක නේද? දැන් සීතල වෙලා ඇති . කාල ඉන්න අප්පා. නිකං ලෙඩ හදාගන්න හදන්නෙ. ඉට පස්සෙ අපිට තමා කරදරේ. මහන්සි වෙලා වැඩ කරල සල්ලි හොයල වැඩක් නැනේ බෙහෙත් ගන්න ඒ සල්ලි වියදම් කරනවනම්. ඔය වැඩ පැත්තක දාල කාල ඉන්න මහත්තයා.
--- ඔහු බැන ඇත්තේ මටය. තානාන්තර අමතක කොට මා ඔහුගේම දරුවෙකු මෙන් සලකා මා ගැන සොයා බැලීම ඔහුගේ දවසේ රාජකාරිවන් එකක් වු බව මට හැගුනේ ටික කලක් ගත වෙද්දීය.
ඔහුගේ බිරිඳත් ඔහු මෙන්ම ආදරෙන් සැලකුවාය. තම නිවසේ පිළියල කරන මොන ආහාරයක් හෝ වේවා ඒ සෙල්වා අතේ මා හට එවන්නීය.
- ඔය කඩවල් වල ජරාවල් කන්නෙඩා අපේ වික්‍රම මහත්තයා මේවා කාල බලන්ඩ ගෙදර හදපුවා.
දෙන්න පිගාන මම හොදන්නං ආයෙ ඕක මොකක්ද ?
--- මට කිසි දිනක ඔහුව තේරුම් ගැනීමටත් බැරි විය. දරුවකුත් නැත. බාගදා ඔහුගේ දරුවෙකුට මෙන් මට ආදරේ කරනවා විය හැකිය.
මා විවාහ වු දවසේ ඔහුටත් ආරාධනා කලෙමි..
- ආඩවනේ අපේ වික්‍රම මහත්තයා අපිටත් එන්ඩ කියල. කොච්චර දෙයක්ද අප්පා.
මම ගෞරවයක් වන්නට ආරාධනා කලත් සෙල්වා එදාත් මගුල් ගෙදර සියලු වැඩකටයුතු ගැන අකුරටම සොයා බලා හැකි පමණ උදවු කලේය. බිරිඳ ඉවුම් පිහුම් කටයුතු වලට උදවු කරනු දුටිමි.
-----
තව නොබෝ දිනකින් මා  නුවරඑළිය සහකාර මැතිවරණ උසස් වීම ලැබ කොමසාරිස් ලෙස පත්වී යායුතුය. එය මාගෙත් ගෝතමියගේත් එක සිහිනයකි. එක අතකට රජයේ සේවය යනු අම්බලම්වල ජීවත්වන්නන් වැනිය. යන අතකට යා යුතුය. මේ ත්‍රිරිකුණාමලය දැන් මට උපන් ගම සේ දැනෙයි. නිවාඩුවකට ගෙදර ගියත් ගොතමිගේ ගමේ ගියත් දුවගෙන ආවේ මේ දූවිලි පොළව සිඹින්නටය. මුදු පිළි ගද ගහන සුළග විඳිමටය. ඒ සියල්ලට මා හුරු කලේ සෙල්වාය. මාගේ මාරු වීම කාට නැතත් ඔහුට දැනුම් දිය යුතු යැයි සිතුවත් එය මෙතරම් පමා කලේ එය ඔහුට කීමට තරම් හිතේ හයියක් මටත්, එය දරාගැනීමට තරම් හයියක් ඔහුටත් නැති බව දන්නා නිසාවෙනි.
එහෙත් නොකියාම ගොස් වැරදිකරුවකු වීමට අකමැති නිසා සෙල්වා හමුවීමට ගියෙමි.
+ සෙල්වා පොඩ්ඩක් ආවනං.
- අප්පා අපේ වික්‍රම මහත්තයානෙ . නොකියාම ඇවිල්ලා ගෙදර. එන්ඩ වාඩි වෙන්න.
+ නැ මට හිදිසියි මම යන්න ඕන.
- වික්‍රම මහත්තයා ආවේ !
+ සෙල්වාට පණිවිඩයක් දෙන්න තියෙනව.
- මොකක්ද අප්පේ ... අපේ මහත්තය අප්පච්චි කෙනෙක් වෙන්න යනවද ?
+ ඉතිං එක් මම සෙල්වට කිවුවනෙ. මේක වෙන එකක්.
- ම්..
+ සෙල්වා. මම මෙහෙන් යනවා. නුවරඑලියට.
- ඇත්තමද අපේ මහත්තයා.
( සෙල්වාගේ දෑස් ලොකු වී රතු පැහැ විය )
+ ඔවු සෙල්වා. ගොත්මිත් කැමතියි එහෙ යන්න.අනික දරුවෙක් ලැබුනාම එතැන එයාලත් එක්කම ඉන්න එක හොදයිනෙ.
- දරුවයි නොන්ටයි මෙහෙ එන්න බැරිද මහත්තයා.
+ මෙහෙ අමාරුයි පොඩි එකෙක්ට. අපිට නං ගානක් නැ
- ඔය ඕන තරං පොඩි උන් ඉන්නෙ මෙහෙ මහත්තයා.මොන අමාරුවක්ද ?
+ සෙල්වා අයෙත් මට බනිනවද ?
* සෙල්වා, මහත්තයාට යන්න දෙන්න..සුභ පතන්න. දරුවා නිසානෙ යන්නෙ. දැන් අපේ කාලෙ ඉවරයිනෙ සෙල්වා.
( මෙතෙක් වේලා කාමරයේ දොර රෙද්දෙන් මුහුණ පමණක් ඔබා බලා සිටි සෙල්වාගේ බිරිඳය ඒ )
- හ්ම් මහත්තයගේ කැමැත්තක්. එත් මට දුකයි.
+ මටත් දුකයි සෙල්වා මේක දාලා යන්න . යන්නම වෙනව.
* මහත්තයා පොඩි පොරාන්දුවක් වෙන්න.
( සෙල්වාගේ බිරිඳ මා ළගට විත් ඉල්ලිමක් කලාය )
+ මොකක්ද අම්මා !
( මම කිසිදිනක ඇයව ආමන්ත්‍රණය නොකත් අම්මා යැයි කථාකලෙමි. )
එක් වරම ඈ හඩා වැටුනාය. ඇය මෙතෙක් වේලා පිටුපසට කර හංගාගෙන සිටි පින්තුරයක් මා අත තැබීය. එහි සිටයේ කුඩාකල වූ මා ය.
* මාහත්තයා. ඔය ඉන්නෙ මගේ පුතා. එයා නැතිවුනා අවුරුදු විසිපහේදි විතර. ඕක මහත්තය අරං යන්න. මහත්තයට පුළුවන්නං අපිට මාසෙකට පාරක් හරි ලියුමක් එව්න්න මහත්තයගෙ දුක සැප ලියල. ඒ ඇති.
+ මොකක්. ඒ මොනව වෙලාද ? සෙල්වා. !
- අපි දුප්පත් මිනිස්සු මහත්තයා. පුතා කොල්ල කාලෙම ගොඩක් මහන්සි වෙලා වැඩ කලා. නොකා නොබී වොලවට කෑමක් නොගෙන. කොල්ලට ඕන වුනේ අපිව සතුටෙන් තියන්න. ඒත් වික්‍රම මහත්තයා කොල්ලට ලෙඩක් ආව හොඳ කරන්න බැරි බඩවැල් පුපුරල කොල්ල නැති වුනා. මහත්තව පලවෙනි දවසෙ දැක්කාම මට මතක් වුනේ පුතාව. මම ඒක ගෙදර ඇවිල්ලද කිවුව. අපිට අපේ නැති වුන පුතා ආයෙත් ලැබුන කියල අපි සතුටෙන් මහත්තය දිහා බලන් හිටිය.
+ ඇයි මෙච්චර කල් කිවුවෙ නැත්තේ ?
- මහත්තයට එතකොට අපිව වදයක් වෙනව මහත්තය. කමක් නැ මහත්තයට හොඳක් වෙනවනං මෙහෙන් ගියාට. එත් පුලුවන් නං අපිට ලියමක් වත් එවන්න බලල හිත හදා ගන්න.
+ හොඳමයි මම ඒක කරන්නං සෙල්වා.මටත් දුකයි පුතා ගැන. මම ගිහිල්ල එන්නං සෙල්වා.
- හොදමයි අපේ මහත්තයා.
තව දුරටත් එතැන කඳුළු හිර කර ගත නොහැකි නිසා ඉක්මනින් පිටත් වූයෙමි.
සෙල්වා මෙතුවක් කල් වේලාවට කන්න යැයි මට බැණ වැදී ඇත්තමෛ් නිසාවෙනි. සෙල්වාට සමු දී ගෙයින් එලියට අවුත් කඩුල්ල පැණීමි.
- මහත්තයා . මහත්තයා...
සෙල්වා දුව විත් මා නැවතීය..
+ ඇයි !
- මහත්තයා. වික්‍රම මහත්තයට මට දෙන්න දෙයක් නෑ. කොහේ හිටියත් රත්තරං මහත්තය පරිස්සමින් ඉන්න. මහත්තය යන දවසට මට කියන්න මම එනන්ං බඩු පටවන්න. එහෙට ගිහින් බාන්නත් මම එන්නං. මේ දුප්පත් මට කරන්න පුලුවන් එච්චරයි මහත්තයා. තව මොනව හරි කෙරෙන්න තියෙනවනං කියන්න.
+ නැ සෙල්වා ඕන නැ.. කට්ටිය ඉන්නවනෙ. සෙල්වා එදාට එන්නකො.
- තව එකක් මහත්තයා.
+ එදාට මම ආවාම. එදාට මහත්තය කන්තොරුවෙ වික්‍රම මහත්තය නෙවෙයිනෙ. මහත්තය යන්න කලින් එක පාරක් මට පුතා කියන්න දෙනවද ?
පිළිතුරක් ගලපා ගත නොහැකි තැන මා ඔහු බදාගෙන හැඬුවෙමි..... !

-------------- කුරුළු-----------

13 comments:

  1. හාට් එක දෙකට කැඩෙන සයිස් කතාවක් කුරුළු...
    වෙද ලියන අර එක වගේ කතා නැතිව ඉද හිටල මේ වගේ කතාවලුත් ලියනව නං කොච්චර ෂෝක්ද...
    ඇත්තටම කතාව නං සුපර්බ්...
    ජයවේවා

    ReplyDelete
  2. මචෝ ඇත්ත කතාවක්ද?

    ReplyDelete
  3. කතාව ෙහාදයි කුරුල්ලා..

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ කියෙවුවට තුති

      Delete
  4. කියන්න වචන නෑ. සුපිරියි.............

    ReplyDelete
  5. කුරුළු අපේ ඉස්කෝලෙ කියල දැනගන්න ලැබුණ....

    මේ කුරුල්ලො පුලුවන් නං මේ බ්ලොග් එකේ අකුරු ලොකු කරපංකො... සටහන දිග නං පොඩි අකුරු තියෙද්දී කියවන්න කම්මැලි හිතෙනව

    ReplyDelete
    Replies
    1. තරිඳු ඇත්තම මම මේක ලස්සනට හදන්න දන්නෙ නැ ඒකයි

      Delete
  6. නිර්මාණයක්ද, ඇත්ත සිදුවීමක්ද? ලස්සනයි

    ReplyDelete
  7. අත්දැකිමක් මුසු උන ප්‍රබන්ඩයක් වෙන්න ඔනෙ මොනා උනත් පපුව කිරි ගැහුනා

    ReplyDelete